2027 වර්ෂය වෙනුවෙන් අයවැය සඳහා සූදානම් වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඉඩම් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී ඊයේ (28) දින පැවැත්විණි.

මෙහිදී රාජ්‍ය සේවකයන් අමතමින් ඔවුන් දිරිමත් කරමින් ලාල්කාන්ත මහතා පවසා සිටියේ අප රට සහලින් සහ කුකුල් මස් වලින් ස්වයංපෝෂිත බව තමාගේ විශ්වාසය බවත් බිත්තර, ධාන්‍ය ආහාර ද වර්ග පිටරටින් ගෙන්වීම තවදුරටත් අවශ්‍ය නොවන බවත්ය.

කුමන ක්‍රමයකින් හෝ දුව, පැන ඉලක්කවලට ‍ගොස් රට ඉදිරියට ගතහොත් ආයෙ අපට ම නොවේද? යනුවෙන් විමසූ ලාල්කාන්ත ඇමති තව දුරටත් පැවසූයේ එබැවින්, රජයෙ සේවකයින්ට තවත් දිය යුතු බවත් එයට හේතුව ලැබෙන පඩිය ළග තබා නොගෙන ගෙයක් සෑදීමට, නැත්නම් මේ මුදල් වැය කෑම, බිම, වයින් ස්ටො‍ර්ස් එකට, සුපර් මා‍ර් කට් එකට, මේසන් බාස්ට වැය කරනවිට රටේ ආ‍ර්ථික වර්ධනයක් සිද්ධ වන බවත්ය.

එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැකිය.