ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ රුපියල් ලක්ෂ 180ක් වටිනා ජංගම රසදිය විශ්ලේෂක (Mobile Mercury Analyzers) යන්ත්‍ර දෙකක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම යන්ත්‍ර සංකේතාත්මකව අධිකාරිය වෙත භාරදීම මාර්තු 27 දින වෙළෙඳ අමාත්‍යාංශයේදී සිදුකෙරුණි.

එහිදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙම නවීන උපකරණ හරහා වෙළෙඳපොළේ අලෙවි වන සම පැහැපත් කරන ආලේපන සහ රූපලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු රසදිය ප්‍රමාණය ඉතා කෙටි කාලයක් තුළ පරීක්ෂා කළ හැකි බව අධිකාරිය සඳහන් කළේය.