ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ සාමාජික නිලුක්ෂ කුමාර.
ස්වාධීන කණ්ඩායම ඇතුළු අපි සියලු දෙනාටත් විපක්ෂයේ කණ්ඩායම් චෝදනා කරනවා අපි ආණ්ඩුව පැත්තට එකතුවෙලා තියෙනවා මේ මුදල් වලට අපි පක්ෂ සහයෝගය දක්වනවයි කියලා. ඉතින් අපි ඒගොල්ලන්ට මතක් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ දේශපාලනය තමයි, මුදල් වලට සභිකයන් මාරු කර ගැනීම. අපිටත් සහ වර්තමාන ආණ්ඩුවටත් ඒ මුදල් වලට සභිකයන් භාරගන්න ක්‍රමයක් ඒගොල්ලො තුළත් නැහැ. ඒක පුරුදු කට්ටිය තමයි එළියට බැහැලා අපිට චෝදනා කරන්නේ. ඉතින් අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ පවතින රජය යටතේ ගමට වැඩ කරන්න තියෙන ආයතන ටික තමයි නගර සභා සහ පලාත් පාලන ආයතන ටික. ඉතින් මේවා විපක්ෂය අතට ගියහම මේ සභා අරන් යන්න බැහැ. මොකද ඔය සභාවලට යෝජනා තුනක් ගෙනල්ලා යෝජනා තුන සම්මත කරගන්න බැරි වුණොත් ඔය කට්ටියට ජනාධිපතිවරයාට බලය හම්බවෙනවා ආණ්ඩුකාරවරයා හරහා සභාවල් ටික විශේෂ කොමසාරිස් කෙනෙක් යටතේ පත් කරන්න. ඉතින් මේ මොහොතේ අපි කියන්නේ ආණ්ඩුවට ඇතුලේ ආණ්ඩුව ගෙනෙන යෝජනා මොනවහරි චෝදනා තියෙනවා නම් එය සභාව ඇතුලේ කරන්න. හරිද? ඉතින් අපි ඒ චෝදනා වලට බය නෑ. ඒගොල්ලන්ට තමයි ඒ අර සල්ලි දීලා, මුදල් දීලා, කණ්ඩායම් අරන් පුරුද්ද තියෙන්නේ. අපි කිසිසේත්ම එහෙම වරදාන, වරප්‍රසාදවලට අපේ දේශපාලන ව්‍යාපාරය පාවා දෙන්නේ නැහැ.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>