‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (12) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 823 ක් සිදු කර ඇත.

එම වැටලීම්වලදී සැකකරුවන් 820 ක් අත්අඩංගුවටද, පුද්ගලයින් 04 ක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 250 කින් හෙරොයින් ග්‍රෑම් 331 ක්ද , අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 322 ක් අතරින් අයිස් කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 247 ක්ද සොයාගෙන ඇති බවද සඳහන් වේ.

මීට අමතරව, වැටලීම් 187 කින් ගංජා කිලෝග්‍රෑම් 25 යි ග්‍රෑම් 565 ක් හා ගංජා පැළ 4258 ක්ද සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත.