පරිපාලනමය ගැටළු යැයි පවසමින් නීතීන්ට පටහැනිව ගෑස් වෙළඳාමට කිසිදු සමාගමකට අවස්ථාව ලබා දීමට රජය විසින් එකඟ නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.

ගෑස් ආනයනය හා බෙදාහැරීමේදී කූට ක්‍රියාකාරකම් නොකරන ලෙස ගෑස් සමාගම් වලට අවධාරණය කළ අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලද්දේ
එම පෞද්ගලික ගෑස් සමාගමේ ගෑස් සැපයීමේ සහ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ඔවුන් ඇත්කරගෙන ඇති ගැටළු පාරිභෝගිකයාට පීඩාවක් නොවන ලෙස කටයුතු කරන ලෙසත් එසේ නොහැකි නම් රජය අමතර ගෑස් නිදහස් කරමින් හෝ අඛණ්ඩ සැපයුම තහවුරු කරන බවත්ය.

එසේම රජය විසින් සපයන ගෑස් සිලින්ඩර් වෙත මාරු වීමෙන් අඛණ්ඩව ගෑස් ලබාගැනීමට හැකි බවත් අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නැරඹිය හැකිය.