මේජර් ජෙනරාල් තිලක් උබයවර්ධන.

කොයි වෙලේ බෝම්බයක් පුපුරයි ද මරණ වරෙන්තුව ලැබෙයිද දන්නේ නැහැ. එහෙව් කාල පරිච්ඡේදයක් අවසන් කරන්නට අපේ රටේ හිටපු තිස්දහසකට ආසන්න රණවිරුවෝ තමන්ගේ ජීවිතය පූජා කරා. තමන්ගේ අතපය පූජා කරා. තමන්ගේ රුධිරය පූජා කරා, ඒවා අමතක කරන්න අපි කාටවත් බැහැ. කෙටියෙන්ම කියනවා නම්, රත්මලාන ගුවන් තොටුපලෙන් පිටත්වෙන ගුවන් යානය පලාලි ගුවන්තොටුපළේ ගොඩබාන්න ඉස්සෙල්ලා කීයක් බිමට වැටෙනවද? කීයක් බිමට වැටුනද? නමුත් අපේ රණවිරුවෝ ඊගාව එකට යන්න බය වුනේ නෑ. එහෙම බය වුනා නම්, අද ඉතුරු වෙන්නේ ප්‍රභාකරන්ට නතු වෙච්ච රාජ්‍යයක්. ඒ ප්‍රභාකරන්ට නතු වෙන්න ගිය රාජ්‍ය නවත්තන්න අපේ රණවිරුවෝ තමන්ගේ රුධිරය පූජා කළා. එහෙව් දවසක් සමරන්න ඔබ සෑම දෙනාගෙම හදවතින් නැගිච්ච ඒ දේශප්‍රේමීත්වය අපි ඉතාම අගය කරනවා. මේ වෙලාවේ අපිට මතක් කරන්න ඕනේ අපේ යුද්ධය අවසන් කරන්න ඉස්සරලා අපේ මියගිය ජෙනරාල් කොබ්බෑකඩුව ජෙනරාල් විමලරත්න ඇතුළු බොහෝ රණවිරුවන් මේ අද තියෙන සාමය ඇති කරන්න විශාල කාර්යභාරයක් කරා ඔවුන් ජීවිත පූජා කරා. ඒ වගේම යුද්ධය අවසන් කරපු, මේ රටේ ප්‍රධාන රණවිරුවා සරත් ෆොන්සේකා ඇතුළු සාමය ඇති කරන්න මේ රටේ නිදහසේ ගමන් කරන්න තමුන්නාන්සේලාට මේ රටක් භාර දුන්නා. ඒ වගේම දේශපාලන නායකත්වයක් දීපු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගේම පාඨලී චම්පික රණවක මැතිතුමා මේ අවස්ථාවේදී අපි ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>