2027 අයවැය පිළිබඳ විපක්ෂයේ ආරම්භක කතාව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් සිදු නොකිරීම ගැන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාය.

තමන් 2020දී පාර්ලිමේන්තුවට පිවිසි පසු පැවැති අයවැය විවාදවලදී හර්ෂ ද සිල්වා මහතා සාමාන්‍යයෙන් විපක්ෂයේ කතාව ආරම්භ කළ බව ඇය පැවසුවාය. මෙවර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදය ආරම්භ කරමින් ආර්ථිකය, IMF සහ ලෝක බැංකුව සම්බන්ධයෙන් දැක්වූ අදහස් විවේචනය කළ අග්‍රාමාත්‍යවරිය, ඒ පිළිබඳ හර්ෂ ද සිල්වා මහතාගේ අදහස් දැන ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළාය.