ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ශක්තිමත් කරලීම සඳහා ඉන්දුනීසියානු රජයේ සහාය නිබඳව ලබාදෙන බව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය අවධාරණය කර තිබෙනවා..
ඒ අනුව, මෙරට ඉන්දුනීසියානු තානාපතිනි Dewi Gustina Tobing සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.
මෙහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සිය ප්‍රසාදය අමාත්‍යවරයා වෙත පළකර තිබෙනවා.





