මෙන්ඩිස් අරක්කු සමාගමෙන් රුපියල් ලක්ෂ 210ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් චන්න ජයනාත් අල්විස් වීරක්කොඩිගේ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කළුතර සහ අලුත්ගම සුරාබදු අධිකාරී ලෙස කටයුතු කරමින් සිටියදී මෙම අල්ලස ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන 01 වන දින දක්වා ඔහුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.