ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) භාවිත කරන ආපනශාලාවල කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාර මිල ගණන් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගෙන ඇත. මීට අමතරව, කෙටි ආහාරවල මිල රුපියල් 2.50කින් පහත දැමෙන බව එම සංගමය පවසයි.
ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට සාපේක්ෂව පාරිභෝගිකයින්ට මෙම මිල සහනය ලබා දීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
