පසුගිය වසරේ පටන් මාස 10කට අධික කාලයක් අක්‍රීයව තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යළිත් සක්‍රීය කිරීමට නව ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (10) දින සිදු කෙරිණි.
මෙම ගිවිසුම අත්සන් කිරීම සිදුකරන ලද්දේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ජ්‍යේෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරසිංහ සහ South Asian Technology සමාගම අතරය.
අංක තහඩු මුද්‍රණය නවතා තිබීම හේතුවෙන් විශාල ප්‍රමාණයක් ගොඩගැසී තිබූ අතර, නව සමාගම විසින් මුද්‍රණ යන්ත්‍ර 10ක් දක්වා වැඩි කරමින් එම ගොඩගැසීම් කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බව මෙහිදී ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාව නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේදී පැවති අතර දෙපාර්තමේන්තුවේ සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.







