“මලෛයග මහිල්චිචි” වැඩසටහන යටතේ බදුල්ල ප්‍රදේශයේ අවදානම් පවුල් සඳහා නව නිවාස ලබාදීමේ වැඩසටහනේදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ, මේ ව්‍යාපෘතිය ජනතාවගේ බදු මුදල් සහ ඉන්දියානු රජයේ සහයෝගය මත ක්‍රියාත්මක වන බවයි.

එසේම නිවාස 12ක් සඳහා රුපියල් ලක්ෂ 28ක් වෙන් කර ඇති අතර, එය ණය නොව ජනතාවට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන බවද එතුමා අවධාරණය කරන ලදී.

මෙම වැඩසටහනේදී ඉදිරියේදී තවත් නිවාස 57ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා ඉන්දියානු රජය සහ අග්‍රාමාත්‍යවරයාගේ සහයෝගය ලබාගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ, මෙම ව්‍යාපෘතිය දේශපාලන නායකයන්ගේ පෞද්ගලික පරිත්‍යාගයක් නොව, ජනතාවගේ බදු මුදල් යොදාගත් ජාතික වැඩසටහනක් බවයි.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>