මන්ත්‍රී විශ්‍රාම වැටුප පිළිබද පනත හඳුන්වාදීමෙන් පසුව සිදුකරනු ලැබූ සෑම සංශෝධනයකදීම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය පියවරෙන් පියවර පුළුල් වීමක් සිදු වූ බව ලක්මාලි හේමචන්ද්‍ර මැතිනිය පෙන්වා දෙන ලදී.
ඒ ඊයේ (17) දින පාර්ලිමේන්තු සැසි වාරයේදීය.
ඒ අනුව නව පනත රැගෙන එනු ලබන්නේ මෙසේ පරිහානියට පත් වූ රටෙහි දේශපාලන තත්ත්වය වෙනස් කිරීමට වග එතුමිය ප්‍රකාශ කළාය.
ප්‍රමිතිගත මහජන අභිලාය වෙනුවෙන් කැප වූ විශ්‍රාම වැටුප වෙනුවෙන් නොව මහජනතාව වෙනුවෙන් සේවය කිරීමට කැප වන මහජන නියෝජිතයෙකු ගොඩනැගීම මෙම පනත රැගෙන ඒමේ අරමුණ වන වග එතුමිය වැඩි දුරටත් සඳහන් කරන ලදී.
සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>




