හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනු කර ඇති නඩුව අද (11) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා ඇත.
2023 වසරේදී හිටපු ජනාධිපතිවරයා සිය බිරිඳගේ උපාධි ප්රදානෝත්සවය සඳහා එක්සත් රාජධානියට සංචාරය කළ අවස්ථාවට අදාළව රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට මෙම නඩුවෙන් චෝදනා එල්ල කර තිබේ.
සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර එම ගොනු සහ ලේඛන නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.
