බිඳ වැටීමට ලක් වී තිබුණු Lanka Government Cloud සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසනවා.
ඒ අනුව, අක්‍රිය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට භාවිත කළ හැකි බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කර සිටියේය.
Lanka Government Cloud සේවාවේ ඇති වූ අක්‍රියතාවක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට තාවකාලිකව බාධා එල්ල වූ අතර රාජ්‍ය ආයතන 34 ක පමණ සේවාවන් සඳහා සතියකට අධික කාලයක් මෙමඟින් බලපෑම් එල්ල වී ඇත.






