පා. ම. පාඨලී චම්පික රණවක

ජනාධිපතිතුමා කියන්නේ රටේ ආදායමක් නැහැ කියලා. එතුමා කියන්නේ සල්ලි අච්චු ගහන්න බැහැ. ඒ වගේම පිටින් ණය ගන්නත් බැහැ. බංකොලොත් රටකට කවුරුවත් ණය දෙන්නේ නැහැ කියලා. ඒ නිසාඔහු කරන්නේ බදු ගැහීම පමණයි.

පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ මේ රටේ හොර අරක්කු ජාවාරමක් ගෙනිච්චා. හොර ස්ටිකර් ජාවාරමක් ගෙනිච්චා. ඒක අපි එළි කරලා පෙන්නුවා. කෝටි සීයක් මාසයක් ඇතුළත ආවා.

අපේ යෝජනාව තමයි ඉලෙක්ට්‍රොනික වේදිකාවක් ඔස්සේ සියලු ගනුදෙනු කරමු. එතකොට අපි හැමෝගෙම ආදායම් වියදම් රෙකෝඩ් වෙනවා. ඒ අනුව කෙනෙක්ගේ ආදායම හරි, වියදම හරි මාසෙකට රුපියල් ලක්ෂය ඉක්මවනවා නම් ඉබේම එයාට බදු අය වෙනවා. පහසුවෙන්ම මේ රටේ ආදායම කිසිම බදු වැඩි කිරීමකින් තොරව, මොනම වෘත්තීය වේදියෙකුටවත් දඩ ගහන්නේ නැතුව දෙගුණයක් කරන්න පුළුවන්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>