පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු හෙළිදරව් කිරීම සඳහා ලබාදුන් පොරොන්දුව ඉටු කිරීමට රජය කැපවී සිටින බවත්, එම පරීක්ෂණ කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යන බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
සලේ මහතාට එල්ල වූ බව කියන පහරදීම් සහ අමානුෂික සැලකීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අනුව එවැනි චෝදනා සනාථ වන කරුණු වෛද්‍ය වාර්තාවල ඇතුළත් නොවන බවයි.
ඔහු සඳහන් කළේ, විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු විසින් සලේ මහතා පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදී ඇති අතර, අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ සිට පැවති කනේ සහ දතේ ආබාධ සඳහා ද ප්‍රතිකාර ලබාදී ඇති බවයි.
එමෙන්ම, සලේ මහතා කිහිප අවස්ථාවකදී මහේස්ත්‍රාත්වරයා හමුවූ අවස්ථාවලදී තමන්ට පහරදීමක් සිදු වූ බවට කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ද ඔහු පැවසීය.
මේ අතර, විපක්ෂයේ හිටපු සහ වත්මන් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු වෛද්‍ය වාර්තාවල අමානුෂික පහරදීම් සම්බන්ධ සටහන් ඇතුළත් බවට සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළේය.
ඔහු කියා සිටියේ, එවැනි ප්‍රකාශ මගින් විමර්ශන කටයුතුවලට සහ අධිකරණ ක්‍රියාවලියට අපහාසයක් සිදුකර ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇති බවයි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ Webnews’ youtube නාලිකාවෙන් නරඹන්න.>>>>>>>





