වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 23ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 15ක් තවදුරටත් වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මෙම ජලාශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
වාර්තා වන ආකාරයට, ප්‍රධාන ජලාශ 23 අතරින් ජලාශ 11ක වාන් දොරටු මේ වන විට විවෘත කර ඇත. ඒ අතරට මානන්කට්ටිය, රාජාංගනය, යාන් ඔය, සොරබොර වැව, බදගිරිය, ලුනුගම්වෙහෙර සහ දැදුරුඔය යන ප්‍රධාන ජලාශ අයත් වේ.
මීට අමතරව, මධ්‍යම පරිමාණයේ ජලාශ 15ක් අතරින් ජලාශ දෙකක පමණක් වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
