පසුගිය (27) දින වෙළගාන සමෘද්ධි කළාපයට අයත් ග්‍රාම නිලධාරී වසම් වල “ප්‍රජා ශක්ති” ප්‍රජා සංවර්ධන සභා කාරකසභා සඳහා පුහුණු වැඩසටහනක් දිවුලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. ඩී කුමාරි මහත්මියගේ මෙහෙයවීමෙන් සිදු කෙරුණි.

මේ සඳහා මීරිගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතාද එක් විය.

මෙම වැඩමුළුවට සම්පත් දායකයෙකු ලෙස බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන සම්බන්ධතා නිළධාරී අරුණ කුමාර මහතා සම්බන්ධ විය. මෙහිදී එතුමා විසින් “ප්‍රජා ශක්ති” ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීමේ ජාතික ව්‍යාපාරය සමග වැඩ කිරීමේදී සංවර්ධන ව්‍යාපෘති නිවැරදිව තේරීම සහ ඇතිවන අභියෝගවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ පැමිණි පිරිස දැනුවත් කළේය.