ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විශේෂ දුරකථන අංකයන් ස්ථාපිත කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව 011 2106767 හෝ 011 7296130 යන දුරකථන අංක වෙත ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.