අමාත්‍ය වසන්ත සමරසිංහ.
පසුගිය රජයයන් රට බංකොලොත් කර, ණයවර ලිපියක් විවෘත කර ගැනීමට පවා නොහැකි තැනකට පත් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
එසේ සිදුකළ අය මේ වන විට ගමින් ගමට යන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්තා සේ, තමාද අත්අඩංගුවට ගතහොත්, එහි පැමිණෙන ලෙස දැනුම් දෙන්නටදැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා විමසා සිටියා.
නමුත්, ගමින් ගමට නොව, ගෙයින් ගෙට ගියත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට යළිත් අවස්ථාවක් නොලැබෙන බව මුළු රටේම ජනතාව දන්නා බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.





