ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ ස්ථානාපතිවරුත් තිදෙනෙක් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිරිනමා තිබෙනවා. ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් සඳහා මෙලෙස නවතානාපතිවරු පත්ව සිටි. ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් මහතාද, පලස්තීන තානාපතිවරයා ලෙස ඉහාබ් අයි.එම්.කලීල් මහතාද, නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතාද පත්ව ඇත.





