කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පවතින සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබේ.

මේ තත්ත්වය මත එම දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.