සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ලබන නොවැම්බර් 23 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.
නැඟෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකදී T-56 ගිනි අවි භාවිත කරමින් පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව මෙම චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.
මීට අමතරව, ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පසුකාලීනව මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වී රාජ්‍ය අමාත්‍ය ධුරයක් ද හෙබවූ අයෙකු වන අතර, ඉන් පෙර ඔහු එල්ටී|ටී|ඊ සංවිධානයේ ළමා සොල්දාදුවන් භාරව කටයුතු කර තිබේ.




