කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගයට පස් සහ ගල් කඩා වැටීමක් හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

මෙම පස් සහ ගල් පෙරළීම නිසා මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව ඇති බව වාර්තා වේ. ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.