නිරක්ෂයේ සිට දකුණු අක්ෂාංශ 10 දක්වාත් නැගෙනහිර දේශාංශ 60 සිට 80 දක්වාත් වූ දකුණු ඉන්දියානු සාගර කලාපයේ සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නොවැම්බර් 22 වැනිදා පෙ.ව. 7.00ට බහුදින යාත්‍රා සඳහා නිකුත් කළ අනාවැකිය අනුව එම කලාපයේ මුහුද තරමක් රළු වන අතර විටින් විට රළු විය හැකිය.
බෙංගාල බොක්කේ උතුරු අක්ෂාංශ 5 සිට 15 දක්වාත් නැගෙනහිර දේශාංශ 83 සිට 100 දක්වාත් වූ කලාපයේ සුළං සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් හමනු ඇතැයි පුරෝකථනය කර තිබේ. එම සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.
මීගමුවේ සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් ප්‍රදේශවල සවස හෝ රාත්‍රියේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. එසේම මුලතිව් සිට ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව අනාවැකියේ දැක්වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළං සමඟ මුහුද ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේේන්තුව පෙන්වා දෙයි.



