පාඨලී චම්පික රණවක

දිගින් දිගටම ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකාරයෝ, මේ අපට ගල් අඟුරු කතා කියනකොට මම විවෘතවම අනුර දිසානායක මහත්තයාට ලිපියක් ඇරියා, එතුමට මුලින් වාචිකව කිව්වා මේකයි තත්වය, වසන්ත සමරසිංහ මහත්තයාගේ පෙත්සමේ කවුරුවත් මේකට ආවේ නෑ. මම ගිහිල්ලා මේ ගැන විශේෂඥ සාක්කියක් දුන්නා. මේ නඩුව ඉදිරියට ගෙනියන් නැති බව මට අල්ලස් දූෂණ කොමිසමේ පරීක්ෂණ නිලධාරීන් දැනුම් දුන්නා. මං කිව්වා ඒක ජාතික අපරාධයක් කියලා. ඒක නිසා මේ සෙල්ලම නවත්තන්න කියලා. එතුමලා නැවැත්තුවේ නෑ. ඒ අනුව මං එතුමාට අභියෝගයක් කළා. පුළුවන් නං මේ සිදුවීම් ගැන තැන් තැන් වල මඩ ගහන්නේ නැතුව මාත් එක්ක විවාදයකට එන්න කියලා. ඒ නිසා ඔය ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකාරයින්ට අපි කියනවා මඩ ගහන්න යන්න එපා. අපිට එහෙම වුණොත්, අපටත් සිද්ධවෙනවා, ඒ අය සම්බන්ධයෙන් පියවර ගන්න.

ගල් අඟුරු ටෙන්ඩර් සම්බන්ධයෙන් සිදුකරන ‍මඩ ප්‍රචාරවලට පාඨලී චම්පික රණවක පිළිතුරු දෙයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>