කොල්ලුපිටිය, ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනිව් ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.

මිය ගිය පුද්ගලයාගේ සිරුරේ තුවාල කිහිපයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ (21) රාත්‍රියේ නාඳුනන පිරිසක් ත්‍රිරෝද රථයකින් පැමිණ අදාළ මළසිරුර එම ස්ථානයේ දමා ගොස් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.