ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමඟ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ නම යෝජනා කර මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

2020 පාර්ලමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පළාත් සභා මැතිවරණයේදී කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වැඩිම සඳහා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත්තා.