ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලබන බ්‍රහස්පතින්දා චීනයේ ෂෙන්ෂෙන් නගරයේදී හමුවීමට සැලසුම් කර තිබේ. ධවල මන්දිරය තහවුරු කළ මෙම ත්‍රිපාර්ශ්වික හමුව පැවැත්වීමට නියමිතව ඇත්තේ ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීවය.

රොයිටර් ප්‍රවෘත්ති සේවයට අනුව, න්‍යෂ්ටික අවි අඩු කිරීම ගැන ට්‍රම්ප් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය. හමුවෙන් ගිවිසුමක් ඇතිවනු ඇතැයි අපේක්ෂා නොකරන බව ඇමෙරිකානු නිලධාරියකු පවසා තිබේ.