බලයෙහි සිටි දේශපාලකයන් ජාතිවාදය රට පුරා පතුරා මෙරට මානව සංවර්ධනය අඩා කප්පල් කළ බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (18) දින පාර්ලිමේන්තු සැසි වාරයේදීය.
එමගින් රටෙහි භෞතික සංවර්ධනයද විනාශ කර දැමූ බව පවසමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ තවමත් එම දේශපාලන පක්ෂයන් ජාතිවාදයට උත්සාහ දැරුවද වත්මන් ආණ්ඩුව ඒ සඳහා ඉඩ නොදෙන බවයි.
සම්පූර්ණ ප්‍රකාශය ‘webnews’ Youtube නාලිකාව හරහා දැන් නැරඹිය හැකිය >>>>>>>



