දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස්හි නාසර් රෝහල් සංකීර්ණයට නොවැම්බර් 12 වැනිදා අලුයම එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනකු මියගිය බව ගාසා සිවිල් ආරක්ෂක සේවය පවසයි. නාසර් රෝහල ද මරණ සංඛ්‍යාව තහවුරු කර ඇති අතර, ප්‍රහාරයෙන් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එම සේවය AFP වෙත දැනුම් දී තිබේ.
ගාසා සිවිල් ආරක්ෂක සේවයේ ප්‍රකාශක මහමුද් බසාල් රොයිටර්ස් වෙත පවසා තිබුණේ ප්‍රහාරයෙන් රෝහලේ ශල්‍ය අංශයට දැඩි හානි සිදු වූ බවයි. මියගිය අය අතර ශල්‍ය වෛද්‍යවරයකු ද සිටින බව වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහන් කර ඇත.
සිද්ධිය පිළිබඳ තොරතුරු පරීක්ෂා කරමින් සිටින බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයකු AFP වෙත පවසා තිබේ. මෙම ප්‍රහාරය එල්ල වූයේ 2025 ඔක්තෝබර් මාසයේ ක්‍රියාත්මක වූ සටන් විරාමය උල්ලංඝනය කරන බවට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකිනෙකාට චෝදනා කරමින් සිටින පසුබිමකය.
