ප්‍රජා ශක්ති – ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ සමුළු මාලාවේ පුත්තලම දිස්ත්‍රික් සමුළුව ඊයෙ (13) දින මාදම්පේ සමූපකාර රඟහලේදී අමාත්‍ය උපාලි පන්නිලගේ සහ අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රකාශ කරන ලද්දේ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන ගණනක් වෙන් කර ඇති බවත්, එම මුදල් 2026 අය වැයෙන් ලබා දී ඇති බවත්ය.
මෙම මුදල් ජනතාව මත අමතර බදු බරක් නොමැතිව, පසුගිය මාස 15 තුළ රාජ්‍ය කළමනාකරණය මගින් කාර්යක්ෂමව උපයාගත් ආදායම බව ඔහු සඳහන් කළේය.
සංචාරක කර්මාන්තයෙන් හා භාණ්ඩ හා සේවා අපනයන මගින් උපයාගත් ආදායම ජනතාවට විශ්වාසය ගොඩනගන පණිවිඩයක් බවත්, බදු ගෙවීමේදී සහ මිලදී ගැනීම් සිදු කිරීමේදී ජනතාවට එය ආපසු ලැබෙන බවත්, එමගින් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් සපයන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
අමාත්‍යාවරයා සිදු කළ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>





