පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කර ගනිමින්, ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රුපියල් 5,000 ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, සංකේතාත්මකව එම පෝෂණ දීමනාව ලබාදීමේ අවස්ථාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9.30 ට වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතය.
2025 නොවැම්බර් 30 වන දින තෙක් මාතෘ සායනයන් හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා එක් වරක් පමණක් මෙම දීමනාව ලබාදීමට තීරණය කර තිබෙනවා.





