ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන අයවලුන්ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් අද දින ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට මින් පෙර කොප් කමිටුවේ සාමාජිකත්වය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා අබේවර්ධන,දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, එස්.එම්.මරික්කාර්, හේෂා විතානගේ, චරිත හේරත්, ශානක්‍යන් රාසමානික්කම්, ගාමිණී වල්බොඩ යන පිරිසද ඉල්ලා අස් වී ඇත.

එම කාරක සභාව මන්ත්‍රීවරුන් තිස් දෙනෙකුගෙන් සමන්විත වන අතර මේ වන විට ඉන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඉල්ලා අස් වී තිබේ. මෙම මතභේදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ රෝහිත අබේගුණවර්ධන මහතා එහි සභාපතිවරයා ලෙස පත්කිරීමයි.