අගමැති හරිනී අමරසුරිය.
පිරිමි අයගේ ශ්‍රම සහභාගීත්වය සියයට හැත්ත හතරක් වන තැන ගැහැණුන්ගේ සහභාගිත්වය සියයට තිස් දෙකයි. අපි කොහොමද මේක තේරුම් ගන්නේ? මේක අතිශයින්ම වැදගත් කරුණක්. මේ මෙතන්ට විශේෂයෙන්ම ජාත්‍යාන්තර සංවිධානත්, ප්‍රතිපත්ති දායකයන්, ගණනය කරනකොට මගහැරෙන දෙයක් තියෙනවා. ඒක තමා වැටුප් රහිත සුරැකුම් වැඩ වලට ගැහැණුන්ගේ සහභාගිත්වය නිසා මේ ශ්‍රම බලකාය තුල ඇය මග ඇරෙන හේතුව ගැන ඇති තරම් සංවාදයක් ඇති වෙලා නැහැ. බොහෝ දුරට ගැහැණුන්ගේ ශ්‍රම බලකාය තුල සහභාගීත්වය අඩු වීමට ආර්ථිකය තුලින්ම තමයි අපි විසදුම් හොයන්න යන්නේ. නමුත් ආර්ථිකයත් තුළ සමාජයක් සංවිධානය වෙලා තියෙන විදිය ආර්ථිකයට බලපානවා. සමාජය සංවිධානය වෙලා තියෙන විදිහ තුළ සුරැකුම් වැඩවල බහුතර වගකීම ගැහැණුන්ට තියෙන තාක්කල් සහ ඒ සුරැකුම් වැඩ පුද්ගලික වගකීමක් හැටියට පමණක් දකින තාක්කල් අපිට කවදාවත් බැරිවෙනවා අර්ථවාන්විත විදියට ශ්‍රම බලකාය තුල කාන්තාවන්ගේ සහය වැඩි කරන්න.
මම සතුටු වෙනවා අද අපි එකතුවෙලා අපි මේ හදන ප්‍රතිපත්ති තුළත් අපේ කරන මැදිහත්වීම් තුළත් නිරන්තරයෙන් මේක මතු කිරීම පිළිබඳවත් ඒකට ජනාධිපති ඉඳන්ම ඇහුම්කන් දෙන අපේ සහෝදර මන්ත්‍රිවරුන්ටත්, ඇමති මණ්ඩලයටත් මම ස්තූති කරනවා.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>