ජ්‍යෙෂ්ඨ ආචාර්ය රෝහන පී ලියනආරච්චි

මීට මාස එකහමාරකට විතර කලින් ලංකාවේ එළවලු මිල ඉතාමත්ම ඉහළ ගියා. ඉතින් අද වෙනකොට අපි දැකලා තියෙනවා එළවලු මිල ඉතාමත්ම පහළට ගිහිල්ලා තියෙනවා. ගොවියෝ කියනවා ගොවියන්ට විකුණා ගත්තට වැඩක් නැහැ. මිල ඉතාමත්ම අඩුයි කියලා. ඉතින් මේ උච්චාවචනය එක අතකින් ගොවියට හොඳ නෑ, එක අතකින් පාරිභෝගිකයාට හොඳ නෑ.

මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ලංකාවේ ඉල්ලුමට හරියන සැපයුමක් සැලසුම් කරන්නේ නැහැ. එළවළු වගා කරන ප්‍රදේශ වලත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සංවිධානය කරලා ගොවීන්ට ඉලක්ක දෙන්න ඕනේ.

ලංකාවේ සාමාන්‍යයෙන් පර්යේෂණ වලින් හොයාගෙන යනවා සීයට හතළිහක් වගේ එළවලු ප්‍රමාණයක් අහක දානවා. ඒ නිවැරදි නොවන පසු අස්වනු, කළමනාකාරිත්වය සහ තාක්ෂණය නිසා. ඉතින් මේක නිවැරදි කර ගත්තොත් අපිට පුළුවන් ගොවියා නිෂ්පාදනය කරන ප්‍රමාණයෙන් සීයට අනූවක් පාරිභෝගිකයන්ට ලැබෙන්න සලස්වන්න. එහෙම වුණොත් නිෂ්පාදන පිරිවැය අඩුවෙලා ගොවියට ලාභයක් වැඩි වෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>