අද (04) පෙරවරුවේ “මෙඩි හෙල්ප්” පෞද්ගලික රෝහල, කිරිබත්ගොඩ නගරයේ විවෘත කරන ලදී. මෙය “මෙඩි හෙල්ප්” රෝහල් සමූහයේ 21 වන ශාඛාව ලෙස සටහන් වූ අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වූයේ අමාත්‍ය උපාලි පන්නිලගේය.
ආරම්භක උත්සවයේදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ, ලංකාවේ බටහිර වෛද්‍ය විද්‍යාව විශාල වශයෙන් ජනතාවගේ ජීවිතයට සම්බන්ධ වී ඇති බවයි.
රජය වෛද්‍ය ශිෂ්‍යයෙකු සම්පූර්ණ වෛද්‍යවරයෙකු බවට පත් කිරීමට රුපියල් ලක්ෂ 60ක් පමණ වැය කරන බවද ඔහු අවධාරණය කළේය.
අද වන විට රජයේ වෛද්‍ය විද්‍යාලවලින් පිටවූ වෛද්‍යවරුන් 35,000–38,000ක් අතර ගණනක් රටේ සේවය කරන අතර, ඒ අතරින් 25,000–28,000ක් රජයේ රෝහල්වල සේවය කරන බවද ඔහු සඳහන් කළේය.
ඉදිරියටත් රජයේ වෛද්‍යවරුන් සමාජය අපේක්ෂා කරන ගෞරවනීය තත්ත්වය ආරක්ෂා කරමින් තම සේවය ලබා දිය යුතු බව අමාත්‍ය උපාලි පන්නිලගේ අවධාරණය කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





