පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ‘ක්‍රිෂ්’ හෝටල් ගනුදෙනුව සම්බන්ධයෙන් අද (03) කොළඹ අධිකරණය විසින් ඇප ප්රදානය කළ ද, එයාර් බස් ගනුදෙනුවට අදාළව පවතින රක්ෂිත භාර නියෝගය හේතුවෙන් ඔහුට බන්ධනාගාරයෙන් නිදහස් වීමට තවමත් හැකි වී නැත.
කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ අක්කර 4.3ක ඉඩම වසර 99කට බදු දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ නඩුවේදී ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම ඇප නියෝගය නිකුත් කළේය.
දූෂණ විරෝධී පනතේ 149(01) වන වගන්තිය යටතේ සුවිශේෂී කරුණු සලකා බලා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළ අතර, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද කටයුතු කළේය.
මෙම නඩුව ලබන 06 වැනිදා යළි කැඳවීමට නියමිතය. ‘ක්‍රිෂ්’ සමාගමේ හිටපු අධ්‍යක්ෂිකාවක වන ජානකී සිරිවර්ධන ද මේ වන විට මෙම සිද්ධියට අදාළව රක්ෂිත භාරයේ පසුවේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා 24ක් යටතේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියෝග කර තිබේ.
ඒ අනුව, ‘ක්‍රිෂ්’ නඩුව සඳහා ඇප ලැබුණ ද, බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු නැවතත් කොළඹ රිමන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
මීට පෙර එයාර් බස් නඩුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කර තිබූ අතර, එම නඩුව ලබන 18 වැනිදා කැඳවීමට නියමිතය.





