යුක්රේනයේ සැපොරිෂියා (Zaporizhzhia) කලාපයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලකට රුසියාව විසින් එල්ල කළ බෝම්# ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙම බිහිසුණු ප්‍රහාරය හේතුවෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ද සඳහන් වේ.
මෙම ප්‍රහා#ය එල්ල වී ඇත්තේ යුක්රේනයේ කොමිෂුවාකා (Komyshuvakha) ප්‍රදේශයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලකටය. මෙම ගොඩනැගිල්ල සිවිල් ජනතාව සඳහා වූ රැකවරණ මධ්‍යස්ථානයක් සහ මානුෂීය ආධාර බෙදාහැරීමේ ස්ථානයක් ලෙස භාවිත කරමින් පැවති බව එම කලාපයේ ආණ්ඩුකාර මයිකලෝ සෙමිකින් (Mykhailo Semikin) තහවුරු කර ඇත.
යුරෝපීය සංගමයේ (EU) අරමුදල් යොදවා ඉදිකර තිබූ මෙම කොන්ක්‍රීට් භූගත ගොඩනැගිල්ල, ප්‍රහාරයේ දැඩි බලපෑම හේතුවෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ගිනිගෙන ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය සඳහා රුසියානු හමුදාව විසින් KAB-500 සහ ටොන් 3ක බරකින් යුත් FAB-3000 වර්ගයේ ප්‍රබල ගුවන් බෝම්# භාවිතා කර ඇත. විශේෂයෙන්ම, මූලික ප්‍රහාරයෙන් අනතුරුව සහන සේවකයින් සහ බේරා ගැනීමේ කණ්ඩායම් සිද්ධි ස්ථානයට පැමිණි අවස්ථාවේදී රුසියානු බලකායන් විසින් “දෙවන ප්‍රහාරයක්” (Double-tap strike) එල්ල කර ඇති බව සඳහන් වේ.
මෙම දෙවන ප්‍රහා#ය හේතුවෙන් සහන සේවකයින් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ද ජීවිතක්ෂයට පත්වී ඇත.
මෙම බිහිසුණු සිදුවීම හෙළා දකිමින් යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) ප්‍රකාශ කර ඇත්තේ, මෙම ප්‍රහා#ය එල්ල වී ඇත්තේ එක්සත් ජනපද කොංග්රස් මණ්ඩල මැතිවරණය පැවැත්වෙන දිනයේම බවයි. රුසියාවේ මෙවැනි ත්‍රස්# ක්‍රියා වැළැක්වීම සඳහා අමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව වහා මැදිහත් විය යුතු බවට ද ඔහු අවධාරණය කර සිටියේය.





