ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා 2025 නොවැම්බර් මස 30 වැනි දින හෝ එදිනට පෙර Online ක්‍රමවේදය ඔස්සේ භාරදීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බව එම දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර සිටියා.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර 1944 අංකයෙන් හෝ http://www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාව තිබේ.





