වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (06) විශේෂ වැඩමුළුවකට කැඳවා තිබෙනවා.

ඒ අනුව, අද සවස 2.00 ට කොළඹදී මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ.

රටේ ආර්ථිකය සහ රටේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙම වැඩමුළුවේදී විද්වතුන් කිහිප දෙනෙකු විසින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.