මන්නාරම ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික භා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින්, මන්නාරම් දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව, තවදුරටත් එම දුපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.
දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාපෘති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනාගෙන ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් සැලසුම් කර තිබෙන අතර, එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කෙරුණු අතර අනෙක් ව්‍යාපෘති වන Windscape Mannar (Pvt) Ltd මෙගාවොට් 20 ක සුළං විදුලි ව්‍යාපෘතිය සහ Hayleys Fentons මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු පිළිවෙලින් 2025 දෙසැම්බර් මස සහ 2026 දෙසැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ.





