ඉරානයට එරෙහිව එල්ල වූ අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ළමුන් 623 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරානයේ කාන්තා හා පවුල් කටයුතු පිළිබඳ උප ජනාධිපතිනී Zahra Behrouz-Azar ප්‍රකාශ කර තිබේ.
නොවැම්බර් 22 වැනි ඉරිදා පැවැති උත්සවයක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය. මෙම ප්‍රහාරවලින් මිය ගිය පිරිසට අමතරව තවත් විශාල ළමුන් පිරිසක් තුවාල ලබා ඇති බවද ඇය පෙන්වා දී ඇත.
එම උත්සවයේදී අදහස් දක්වමින් උප ජනාධිපතිනිය පවසා ඇත්තේ, මෑතකදී ඉරානය මත පැටවූ යුද්ධවලදී දරුවන්ට සිදු වූ දේ ඉතා කටුක බවත්, ඉරානයේ අනාගතය නියෝජනය කළ වටිනා තරුණ ජීවිත 623ක් අහිමි වූ බවත්ය.
යුද ගැටුම්වල සෘජු බලපෑමට අමතරව ආර්ථික සම්බාධක සහ මූල්‍ය පීඩනද දරුවන්ගේ ජීවිතවලට දැඩි ලෙස බලපා ඇති බව ඇය අවධාරණය කළාය. විශේෂිත ඖෂධ මත යැපෙන දුර්ලභ හා බරපතළ රෝගවලින් පෙළෙන දරුවන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳවද ඇය එහිදී කරුණු පැහැදිලි කර තිබේ.
එසේම දේශීය ඖෂධ නිෂ්පාදනාගාර වෙත එල්ල වූ ප්‍රහාර හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය සහ බෙදා හැරීම බරපතළ ලෙස අඩාල වී ඇති බවටද ඉරාන උප ජනාධිපතිනිය චෝදනා කර ඇත.




