රාජ්‍ය නිලධාරීන් අතිදක්ෂ වුවත් ඔවුන්ට සිතීමේ ඉඩකඩ ලබා දී නොමැති බව 2026 නොවැම්බර් 28 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය.

අයවැය විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, “අපි මුහුණදෙන ඇත්ත යථාර්ථය තමයි රටේ නිලධාරීන් අතිදක්ෂ වුණාට එයාලට හිතන්න ඉඩක් දීලා නෑ. ඒගොල්ලෝ හිතන්නේ නෑ. මම මිනිස්ට්‍රියේ සුපර් මැනේජ්මන්ට් එකට කළා වර්ක්ශොප් එකක්. ඒකට මම දැම්මේ අමාත්‍යාංශයට මොළයක් ඕනෑකර තිබේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ නෑ. ඒගොල්ලෝ ඒ කොටසයි මේ කොටසයි කළාට ඒ දෙක කනෙක්ට් කරන්නේ කොහොමද කියලා හිතන්නේ නෑ. ප්‍රශ්නයක් ඉගෙන ගත්තම තමයි දැනුමක් වෙලා ලොකු දේවල්වලට පොඩි දේවල් හැම එකටම ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ” යනුවෙනි.