2026 නොවැම්බර් 30 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී නොවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය පවසයි.
සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සෘජු සාකච්ඡාවක් ඉදිරි සති දෙකක කාලය තුළ සංවිධාන කර දීමට කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල යන මහත්වරුන් එකඟත්වය පළ කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කරයි.
ඒ අනුව 2026 නොවැම්බර් 30 වැනිදා සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතුවල නිරත වන ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියි.
වෘත්තීය දීමනා සහ ප්‍රවාහන දීමනා ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණ ගන්නා ඉහළම පාර්ශ්ව සමඟ සාකච්ඡා මඟින් සාධනීය හා ස්ථිරසාර විසඳුමක් ලබා ගත යුතු බව සංගමය අවධාරණය කරයි.
2027 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණි අතර නිර්මාණය වී ඇති දීමනා විෂමතාව නිවැරදි කර ගැනීමටත්, සාමාජිකයන්ගේ වෘත්තීය හා ආර්ථික ඉල්ලීම් දිනා ගැනීමටත් රජයේ බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවද ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



