පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස.
සාමාන්‍යයෙන් ආණ්ඩුවක් තමයි මැතිවරණ වලින් පස්සේ ප්රචණ්ඩ ක්‍රියා සහ රාජ්‍ය දේපළ අවභාවිතා කරන ක්‍රියා සිදු කරන්නේ. හැබැයි මේ මහ මැතිවරණයෙන් පස්සෙත් රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන දේශපාලන සංස්කෘතියක් තවදුරටත් පවත්වගෙන යන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂ. අපි ඉතාම ජනතාවට හිතකර, ජනතාව ඉල්ලන ප්රබුද්ධ දේශපාලන සංස්කෘතියක් ඉදිරිපත් කරමින් යනවා.
මේ දූෂිත දේශපාලනය අවසන් කරලා, දිස්ත්‍රික්කය ගොඩනැගීම සඳහා තමයි අපිට මේ බලය ලබාදීලා තිබෙන්නේ. ජාතික සැලැස්මකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් අපේ ස්ථිරසාර සැලැස්ම දියත් කරනවා. අපේ බලාපොරොත්තුව පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හැමදෙනාටම උරුම කරන එක.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස තම ජයග්රහණයෙන් පසු මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>