ජනාධිපති අනුර කුමාර දිසානායක
සුලන් බලයෙන් විදුලිය සැදීමට බලාගාරයකට භාරදුන් බවත් එම බලාගාරයේ සදෙන විදුලිය ඒකක එකකට ගෙවිය යුත්තේ අසන්න වශයෙන් රුපියල් දහතුනයි ශත පනහක් පමණත් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ පවතී ඡන්ද රැස්වීමකට සහභාගී වෙමිනුයි.
“අපි මේ ලඟදි සුළං බලයෙන් විදුලිය හදන්න බලාගාරයකට දුන්නා. එතකොට ඒගොල්ලෝ විදුලිය හදනවා, ඒ බලාගාරයේ හදන විදුලිය අපිට විකුණනවා ඩොලර් සත හතරයි පනස් හතකට. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් දහතුනයි පනහයි. ඒගොල්ලෝ විදුලිය හදලා අපිට යුනිට් එකක් දෙනවා දහතුනයි පනහට. හැබැයි හිටපු ආණ්ඩුව ඒ විදිහටම සුළං බලාගාරයක් දීලා තියෙනවා. ඒගොල්ලෝ විදුලිය හදලා අපිට ඒකකයක් දෙනවා ඩොලර් සත අටයි විසි හයයි. ඒ කියන්නේ රුපියල් විසිපහයි. ඊට පස්සේ මං දැක්කා හිටපු ජනාධිපතිතුමා කියනවා කොහොම හරි ඒක කරන්නලු. අපි කියන ගානට එනකම් කරන්නේ නැහැ. මොන ගිවිසුම් ගහලා තිබ්බත් ඒ ගානට අපි කරන්නේ නැහැ.”
ජනාධිපති අනුර කුමාර දිසානායක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>