දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය මේ වන විට මඩකළපුවට කිලෝමීටර් 700 ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, මෙම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, හෙට (08) දිනයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයට පැමිණිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කරනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර ඉදිරි දින කිහිපයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනාවැකි සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.