අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (16) නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව, අද (16) අලුයම 12.40 ට පමණ ශ්‍රී ලන්කන් (Sri Lankan Airlines) ගුවන් සේවයට අයත් UL 191 දරණ ගුවන් යානයෙන් අගමැතිනිය නවදිල්ලිය බලා පිටත්ව ගිය බවයි සඳහන් වන්නේ.
ලබන 18 වැනිදා දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇති අතර, සංචාරය අතරතුරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.





